තණමල්විල මාරක අනතුරක්… පුද්ගලයෙක් මරුට – 6කට තුවාල

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිලෝමීටර් 288 කණුව ආසන්න ප්‍රදේශයේ දී තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අද අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් අයෙක් මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට සහ හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ, දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර තුවාලකරුවන්ගේ කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

රියදුරුට නින්ද යාම නිසා අනතුර සිදු වන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.