තඹුත්තේගම රිය අනතුරකින් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

තඹුත්තේගම ලුණුවැව ප්‍රදේශයේදී, මන්නාරම සිට ගම්පහ දක්වා ගමන් කළ බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර යතුරු පැදියේ පිටුපස ගමන් ගත් පුද්ගලයාගේ තත්ත්වය අවදානම් බවයි වාර්තා වන්නේ.

බස් රථය තරුණ පුහුණු වැඩසටහනකට තරුණයින් රැගෙන යන අවස්ථාවේදී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

තැවාලකරු තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

තඹුත්තේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.