ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවයට ඊශ්‍රායලය විසින් පහරදී තිබෙනවා
ඉරාන මාධ්‍ය නාලිකාවන් විනාශකර දමන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා තර්ජනය කර සුලු මොහොතකින් මෙම ප්‍රහාරය එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රහාරය එල්ල වන විට සජීවී වැඩසටහනක් විකාශය කෙරෙමින් තිබූ අතර එම මැදිරියටද ඉන් බරපතල හානි සිදුවුනා.
ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඉරාන රාජ්‍ය රූපවාහිනී සේවය හෙවත් IBRB ආයතනයේ විකාශන කටයුතු තාවකාලිකව නතර කරනු ලැබූ අතර පැය කිහිපයකින් පසු යළිත් විකාශන කටයුතු ආරම්භ කරනු ලැබුවා.
තම රූපවාහිනී නාලිකාවට එල්ල වූ ප්‍රහාරය ඉරානය දැඩි ලෙස හෙලා දැක තිබෙනවා. ඉරාන රජය පවසන්නේ මෙය යුධ අපරාධයක් බවයි.
මෙම ප්‍රහාරය අමානුෂික, සාපරාධී සහ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි ඉරාන හමුදාව කියා සිටින්නේ.
ප්‍රහාරය එල්ල කිරීමට පෙර එම ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.
