තලාව නව හඟුරන්කෙත ප්‍රදේශයේ ඊයේ (01) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක් හා අත් ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ, තලාව තිරප්පනේ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි.
ට්‍රැක්ටර් රථයේ ගමන් ගත් දෙදෙනකුද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සම්බන්ධව ට්‍රැක්ටර් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.
ට්‍රැක්ටර් රථයේ ටේලරයේ විදුලි පහන් නොමැතිවීම මෙම අනතුරට හේතුව බව පොලිසිය සඳහන් කරනවා.
