තවත් ඉන්දීය යානයක් කඩා වැටෙයි

උතුරු ඉන්දියාවේ උත්තරා කණ්ඩයේ ප්‍රාන්තයේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ කඳුකර ප්‍රදේශයක්වන ගෞරි කුන්ද් ප්‍රදේශයේදි.

ඉන්දීය වාර්තාවලට අනුව හෙලිකොප්ටරය ඩෙක්රාඩු සිට ගුවන් ගත වී තිබෙනවා.

හදිසි මෙහෙයුම් අතරතුර ත්‍රිජූගිනාරාය හා ගෞරිකොන් අතර තිබි කඩා වැටුනු හෙලිකොප්ටරයේ සුන් බුන් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

කඩාවැටුනු හෙලිකොප්ටර් යානය ආයර් එවියේෂන් පුද්ගලික සමාගමට අයත් හෙලිකොප්ටරයක් බවයි වාර්තා වන්නේ.

එරට බලධාරින් පවසන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි. නමුත් සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.