ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීමද ආරම්භ වී තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ, එම දිස්ත්‍රික්කයේ වී අස්වනු මිලදී ගැනීමද සාර්ථකව සිදු කෙරෙන බවයි.
වී අලෙවි මණ්ඩලය, ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සෝමපුර, තඹලගමුව, මොරවැව යන ගබඩා විවෘත කර තිබෙනවා. මේ වන විට වී කිලෝ නවදහසකට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව දිස්ත්‍රික්කයේ කලාප කළමනාකාර ශාන්ත කුමාර මහතා සඳහන් කළා.
නාඩු වී කිලෝවක් රුපියල් 120 කට, සම්බා වී කිලෝවක් රුපියල් 130 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140 ක සහතික මිලකට මිලදී ගනු ලබනවා.
