ත්‍රිත්ව ක්‍රීඩ­කයෝ වසර 38කට පසු පාසල් ලීග් රග්බි කිරුළ දිනති

වසර 38කට පසු පාසල් ලීග් රග්බි කිරුළ දිනා ගැනී­මට මහ­නු­වර ත්‍රිත්ව විදු­හල සමත් විය.

මෙවර තර­ගා­ව­ලියේ තර­ග­යක් ඉති­රව තිබි­යදී අප­රා­ජි­තව කුස­ලා­නය කරා පැමිණි ත්‍රිත්ව විදු­හල ඊයේ පැවති කුස­ලාන වටයේ අව­සන් තර­ග­යේදී සාන්ත පීතර විදු­හල හමුවේ ලකුණු 22-20ක් ලෙස පරා­ජ­යට පත්වීම කැපී පෙනුණි.

ඩය­ලොග් ආසි­ආටා පීඑල්සී අනු­ග්‍ර­හ­යෙන් පැවති මේ තර­ගා­ව­ලි­යේදී ත්‍රිත්ව විදු­හල ශූර­තාව දිනා ගත්තේ 1987 වස­රේදී ටයි­රල් රාජ­ප­ක්ෂගේ නාය­ක­ත්ව­යෙන් යුත් සිය විදු­හල් කණ්ඩා­යම විසින් ලබා­ගත් ජය­ග්‍ර­හ­ණ­යෙන් අන­තු­රු­වය. ස‍ෆ්රාස් උස්මාන් විසින් මෙහෙ­ය­වන ලද ජය­ග්‍රාහී ත්‍රිත්ව කණ්ඩා­යම ක්‍රීඩාවේ විනය, ශාරී­රික යෝග්‍ය­තාව සහ කුස­ල­තාව යන සියල්ල එක ලෙස මුසු වූ රග්බි සන්නා­ම­යක් මෙහිදී ප්‍රද­ර්ශ­නය කිරී­මට සමත් විණි. මූලික වටයේ අපරාජිතයන් ලෙස දෙවැනි වටයට පිවිසි රාජකීය පිල එහිදී ද ජය­ග්‍රාහී රිද්මය අඛ­ණ්ඩව පව­ත්වා­ගත් මේ කණ්ඩා­යම

සාන්ත තෝමස් කණ්ඩා­ය­මට එරෙ­හිව ලකුණු 36-19ක් ලෙස ජය ගනි­මින් කැනොන් ආර්.එස්. ද සේරම් කුස­ලාන හිමි කර­ගත් අතර, පසු­ගිය වසරේ පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ තර­ගා­ව­ලියේ ශූර­යන් වූ ඉසි­ප­තන කණ්ඩා­යම ලකුණු 32-10කින් පරා­ජය කළේය. වෙස්ලි කණ්ඩා­ය­මට එරෙ­හිව තියුණු තර­ග­ය­කින් පසු ලකුණු 23-21ක ජයක් සමඟ තවත් තර­ග­යක් ඉති­රිව තිබි­යදී ලීග් කිරුළ දිනා ගැනී­මට ත්‍රිත්ව ක්‍රීඩ­කයෝ සමත් වූහ.

මේ විශිෂ්ට ජය­ග්‍ර­හණ පසු­පස කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස කට­යුතු කරන හිටපු ජාතික ක්‍රීඩක ෆසිල් මරීජා ඇතුළු කාර්ය මණ්ඩ­ලය සිටි­යේය.

සාන්ත අන්තෝ­නි­යට 

බඳුන ශූරතා

මේ අතර ඔමිත දිසා­නා­ය­කගේ නාය­ක­ත්ව­යෙන් කටු­ග­ස්තොට සාන්ත අන්තෝනි කණ්ඩා­යම තවත් තර­ග­යක් ඉති­රිව තිබි­ය­දීම බඳුන ශූර­තා­වට හිමි­කම් කීමට සමත් විය.