ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙර‍ළෙයි

පානදුර සිට වැලිමඩ ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් උමා ඔය ආසන්නයේ ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා වැලිමඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ තත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ත්‍රී රෝද රථයට බරපතල හානි සිදුව තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්න ඇතැයි පොලිසිය සැක කරනවා.

අනතුර සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.