ත්‍රීරෝද රථයක් බවුසරයක ගැටී කාන්තාවක් මරුට

රත්නපුර පානදුර මාර්ගයේ කිරිඇල්ල මුණසිංහපුර ප්‍රදේශයේදී ඊයේ (02) දින බවුසර් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ගමන් කළ ත්‍රීරෝද රථයක වැදීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

තවද, ත්‍රීරෝද රථයේ ගමනකළ ඉතිරි තුන් දෙනා ප්‍රදේශවාසීන් විසින් කිිරිඇල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් බරපතල තුවාල ලැබ සිටි ඉන් දෙදෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා‍ යොමුකර ඇත.

ත්‍රීරෝද රථයේ ගමන්කළ පිරිස ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි අය වන අතර ඔවුන් අයගම ප්‍රදේශයේ ඥාති ගෙදරකට ගොස් ආපසු ඉංගිරිය ප්‍රදේශයට ගමන්කරමින් සිටින අතරතුරයි අනතුර සිදුව ඇත්තේ.

බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශව සිදුකරනවා.