තායි­ල­න්ත­යේදී බෙල­රු­සි­යානු නිරූ­පි­කාවක් අතු­රු­දන්

මෝස්තර නිරූ­පන ක්ෂේත්‍රයේ රැකි­යා­වක් සොයා මීට දින 45කට පමණ පෙර තායි­ල­න්ත­යට පැමිණි බෙල­රු­සි­යානු මෝස්තර නිරූ­පි­කා­වක අතු­රු­දන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 26 හැවි­රිදි වේරා ක්‍රව්ට්සෝවා නමැති මේ සුරූපී තරු­ණිය බැංකොක් ගුව­න්තො­ටු­පො­ළේදී යම්කිසි පිරි­සක් විසින් මිය­න්මාර සයි­බර් වහල් කඳ­වු­ර­කට පැහැ­ර­ගෙන ගොස් වකු­ගඩු ඇතුළු ශරීර අව­යව ගැනීම සඳහා ඝාත­නය කළ බවට වාර්තා පළ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. කෙසේ ­වු­වත් ඇගේ ඝාත­නය මෙතෙක් නිල වශ­යෙන් තහ­වුරු වී නැති බවත්, ඇය තායි­ල­න්ත­යේදී පැහැ­ර­ගැ­නී­මට ලක්වූ පුවත එරට බල­ධා­රීන් ප්‍රති­ක්ෂේප කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

අතු­රු­දන්වූ මෝස්තර නිරූ­පි­කාව පැහැ­ර­ගෙන යෑමේ පුවත ප්‍රති­ක්ෂේප කර­මින් තායි­ලන්ත ආග­මන හා විග­මන නිල­ධා­රීන් සඳ­හන් කර ඇත්තේ ඇය පසු­ගිය මස 26 වැනිදා නැවත බැංකොක් ගුව­න්තො­ටු­පොලේ තායි ගුව­න්යා­න­ය­කින් මිය­න්මා­රය බලා පියා­සර කළ බවට තහ­වුරු වී ඇති බවය. මේ අතර මිය­න්මා­රයේ බෙල­රු­සි­යානු තානා­පති ව්ලැදි­මිර් බොරො­වි­කොව් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කර ඇත්තේ මිය­න්මා­ර­යට පැමිණි බවට සඳ­හන් වන මෝස්තර නිරූ­පි­කාව සොයා ගැනීම සඳහා එරට බල­ධා­රීන්ගේ සහාය ඉල්ලා ඇති බවය.