තායිලන්තය කාම්බෝජයට එරෙහිව නව මෙහෙයුමක්

තායිලන්තය කාම්බෝජයට එරෙහිව නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ, එරට හා සම්බන්ධ සියලු දේශසීමා හරස් මාර්ග වසා දමන බවට කාම්බෝජය නිවේදනය කිරීමත් සමගයි.

තායිලන්තය සහ කාම්බෝජය අතර දේශ සීමා ගැටුම් තවදුරටත් අඛණ්ඩව පවතින බව වාර්තා වනවා.

තායිලන්ත හමුදාව ප්‍රකාශ කළේ, තම ස්වෛරි භුමිය යළි ලබා ගැනීම සඳහා කාම්බෝජයට එරෙහිව නව මෙහෙයුමක් ආරම්භ කළ බවයි.

ට්‍රැට් පළාතේ දේශසීමා භුමි ප්‍රදේශ යළි ලබා ගැනීම සඳහා, අද අලුයම නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

තායිලන්ත හමුදාව කියා සිටින්නේ, එම ප්‍රදේශ සාර්ථව යළි අත්පත් කර ගැනීමට හැකි වූ බවයි.

තායිලන්ත – කාම්බෝජය දේශ සීමා අර්බුදය උත්සන්න වීමෙන් හට ගත් ගැටුම් හමුවේ, මේ වනවිට දෙරටේම සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 25 දෙනෙකු මියගොස් ඇති අතර, දෙරටේම ලක්ෂ 5කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බව, සඳහන්.