තායිලන්තයේ කාම්බෝජ දේශ සීමාවේ යළි ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව, රාජකීය තායි හමුදාව ප්‍රකාශ කර සිටිනවා.
කාම්බෝජය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ, තායිලන්ත සොල්දාදුවෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙම ප්‍රහාර මාලාව තායිලන්තය විසින් දියත් කළ බවත්, ඊට ප්‍රතිප්‍රහාර කාම්බෝජය විසින් එල්ල නොකළ බවත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
පසුගිය කාලය පුරා තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේදාත්මක දේශ සීමා ගැටුම් උත්සන්න වුණා.
ඊයේ සිදු වූ ප්‍රහාර මාලාව හමුවේ තායි හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් වින්තායි සුවරි ප්‍රකාශ කර සිටින්නේ, තම සොල්දාදුවන් මිය යෑම සහ තුවා ලැබූම් හමුවේ කාම්බෝජය විසින් එල්ල කරන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා තායිලන්ත හමුදා ගුවන් යානා යෙදවූ බවයි.
පසුගියදා මැලේසියාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් කාම්බෝජය සහ තායිලන්තය අතර එකඟතාවයට පත් සටන් විරාම ගිවිසුම කඩකළ බවට දෙරට එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් සිටිනවා.
ඉකුත් ජූලි මාසයේදි කාම්බෝජය සහ තායිලන්තය අතර දේශ සීමා ගැටුම් උත්සන්න වූ අතර මෙහිදී 48 දෙනෙකු මියගිය අතර ලක්‍ෂ 3 ක් පමණ ජනතාව අවතැන් වුණා.
