ඉරාන යුද්ධයට තාවකාලික විරාමයක් ලැබීම පිළිබද රටවල් රැසක රාජ්‍ය නායකයින් සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
ඊජිප්තුව පවසන්නේ ඉරානයට විරුද්ධව ප්‍රහාර එල්ල කිරීම අත්හිටුවීමට අමෙරිකාව ගත් තීරණය කලාපයේ ආතතිකාරී තත්වය සමනය කිරීමට බෙහෙවින් ඉවහල් වන බවයි.
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් පවසන්නේ දෙරට අතර සටන් විරාමයට ඔස්ට්‍රේලියාව සිය ප්‍රසාදය පළකරන බවයි.
මෙම සටන්විරාම ගිවිසුමට සිය ප්‍රසාදය පළකරන බව, නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාද සඳහන් කරනවා.
