මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටසේ යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් අද (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි (44) හැවිරිදි රාසමනික්කම් සෙල්වකුමාර් නම් තිදරු පියෙකි.
අදාල පුද්ගලයා තේ වත්තේ දර ඇහිලීමට ගොස් ඇති අතර එම අවස්ථාවේ පැවති අධික සුලං සහ වර්ෂාවත් සමග ඔහුගේ හිස මතට යූකැලිප්ටිස් ගසේ අත්ත කඩා වැටීමෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය ගිය අයගේ සිරුර මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි මස්කෙළිය පොලිසිය පවසන්නේ.
