බිබිල – මොණරාගල ප්‍රධාන මාර්ගයේ බිබිල ඩිපෝව ආසන්නයේ ඊයේ රාත්‍රි සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු සේනක බිබිලේ අනුස්මරණ රෝහලට ඇතුළත් කෙරුණු බවයි, පොලිසිය පවසන්නේ.
මොණරාගල දෙස සිට බිබිල දක්වා කෙසෙල් ප්‍රවාහනය කළ කැබ් රථයක් සහ බිබිල දෙස සිට පැමිණි ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි, අනතුර සිදුව ඇත්තේ.
ජීවිතක්ෂයට පත්ව ඇතතේ ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙක්. ඔහු, මැදගම – අයිවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තිදරු පියෙක් බවයි, පොලිසිය පැවසුවේ.
තුවාල ලබා ඇත්තේ ද ත්‍රී රෝද රථයේ පැමිණි අයෙක්.
