ඊයේ (19) දින රාත්‍රී කාලයේ හේකිත්ත, වත්තල ප්‍රදේශයේ දෙමහල් නිවසක සිටි පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවට වත්තල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 43 ක් වූ හේකිත්ත, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු මහල් නිවසේ ඉහල මහලේ කුලී පදනම මත සිට ඇති අතර 2023 වර්ෂයේ මහබාගේ පොලිස් වසමේ සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
