තුර්කියේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනට පැමිණියා.
ඒ, ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පැවැත්වෙන ආර්ථික හා සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ තෙවැනි සැසි වාරයට සහභාගී වීමටයි.
යුසුෆ් ටෙකින් මහතා, කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේ දී පිළිගනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා විසින්.
මෙරට තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.
ආර්ථික සහ සහයෝගීතාව සඳහා වූ සමුළුව සංවිධාන කෙරෙන්නේ, වාණිජ දෙපාර්තමේන්තුවයි. සමුළුව කොළඹ දී අද පැවැත්වෙනවා.
දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපන, තාක්ෂණ සහ තවත් ක්‍ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති.
තුර්කිය මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහයෝගය නියෝජ්‍ය අමාත්‍ය ආර්.
එම්. ජයවර්ධන මහතාගේ ඇගයීමට ලක් කළා.
තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා සමග එරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් ද සංචාරයට එක්ව සිටිනවා.
