කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම යානයෙහි ගුවන් නියමුවා සමත්ව තිබෙනවා.
අද (17) අලුයම 12:17 පමණ යළි ගුවන් යානය ගොඩ බැස්වීම සිදුකළ බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.
තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් මගීන් 202ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සමඟ ඊයේ රාත්‍රී 10.00ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියා.
මෙම ගුවන් යානය පිටත්වී සුළු වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැන ගැනීමට හැකිව තිබෙනවා.
ඒ අනුව, හලාවත මුහුදු ප්‍රදේශය වෙත ගුවන් යානය රැගෙන ගොස් අඩි 4,000ක පමණ උසකින් නොට්ස් 140ක පමණ වේගයකින් පියාසර කරමින්, ගුවන් යානයෙහි වූ ඉන්ධන, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රමාණය ඉතිරි කර ගනිමින්, ඉතිරි සියල්ල මුහුදට ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
මේ සඳහා පැය දෙකකට අධික කාළයක් මෙම ගුවන් නියමුවා විසින් ගත කර තිබුණා.
ඒ අනුව අද අලුයම 12.27ට මෙම ගුවන් යානය ආරක්ෂිත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට මෙම ගුවන් යානයෙහි නියමුවා සමත් වී ඇත.
