තුර්කි සොල්දාදුවන් 12කට අත්වූ ඉරණම

2022 වසරේදී මියගිය තම සෙබළුන් පිරිසකගේ සිරුරු කොටස් සොයා ගුහාවක් පරීක්ෂා කිරීමේදි මීතෙන් වායුවට නිරාව‍රණය වීමෙන් තුර්කි සොල්දාදුවන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

2022 වසරේදි ඉරාකයේ කුර්දිස්ථාන් කම්කරු පක්ෂයේ සටන්කාමීන්ට එරෙහිව තුර්කිය විසින් මෙහෙය වන ලද හමුදා මෙහෙයුමකදි වෙඩි තැබීමකින් මෙම සෙබළුන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ ක්‍රියාත්මක කෙරුණු මෙම මෙහෙයුමට තුර්කි සෙබළුන් 19 දෙනෙකු මීතෙන් වායුවට නිරාවරණය වී ඇති අතර, ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

ඔවුන්ගෙන් 12 දෙනෙකු මිය ගිය බවයි, පසුව වාර්තා වුණේ.

තුර්කි ජනාධිපති රිසෙ‍ප් එර්‍‍ඩොගන් ප්‍රකාශ කර සිටියේ, සිද්ධිය සම්බ්ධයෙන් තමන් දැඩි ශෝකයට පත්වූ බවයි.

එසේම සොල්දාදුවන්ගේ පවුල්වලට සහ තුර්කි සන්නද්ධ හමුදාවන්ට සිය ශෝකය පළ කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.