ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයෙන් ලබාගත් රුපියල් හාරලක්ෂ 70 දහසකට අධික වටිනාකමකින් යුත් පරිගණකයක් හා ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් වූ තුසිත හල්ලොලුව මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වූ ඔහුගේ නීතිඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ තම සේවා දායකයා 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අතර අධ්‍යක්ෂවරුන්ට ලබා දෙන පරිගණකය හා ජංගම දුරකථනය තම සේවා දායකයාටද ලැබුණු බව පැවසුවා.
පසුව සේවයෙන් ඉවත් වන අවස්ථාවේදී එම පරිගණකය හා ජංගම දුරකථනය වෙනුවෙන් ගෙවිය යුතු ගෙවීම් ලබාදීමට තම සේවා දායකයා ඉදිරිපත් වුණත් එම මුදල ලොතරැයි මණ්ඩලයේ විසින් බාර නොගත් බවත් පැවසුවා.
පසුව තම සේවා දායකයා ඉකුත් ඔක්තෝබර් මස එම ගෙවිය යුතු මුදල් තැපැල් කාර්යාලයෙන් මුදල් ඇනවුමක් මාර්ගයෙන් ගෙවීමට කටයුතු කර ඇති බවත් නීතිඥ පතිරණ මහත කියා සිටියා.
කොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරු විසින් අදාළ මුදල් ගෙවීම සිදුකර තිබෙන්නේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් වීමෙන් පසුව බව සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු ඇපමත මුදාහරිණ බව නියෝග කළා.
ඉන් අනතුරුව නඩුව නැවත මැයි මස 30 වන දා කැඳවීමටද නියම කෙරුණා.
මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් වුණේ සිය නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙනි.
