තෙන්නකෝන්ගේ අධිචෝදනා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

1999 වසරේ ජනාධිපතිවරණය සමයේ සිදුවූ මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයක් බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අද ඉවත දැමීමට තීන්දු කළා.

අදාල අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා.