
දේශීය වශයෙන් ව්‍යාවසායකයන්ට අවශ්‍ය විවිධ වර්ගයේ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගමක් අද වන විට කොහුබත් වියළනය සඳහා යන්ත්‍රයක් නිපදවා තිබේ. එය දකුණු ආසියාවේ සාර්ථක මුල්ම යන්ත්රයයි. මේ ආයතනය ඉන්ජිනේරුවන් හතර දෙනෙකුගේ සහාය ඇතිව මධ්‍යම පරිමාණයෙන් කරගෙන යන සහ නොයෙකුත් බාධක මැද වුවත් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන ආයතනයකි. එහි සාමාන්‍යාධිකාරි මෙන්ම එම සමාගමේ මුල් අයිතිකරු කේ.වී. චන්දිම කෙහෙල්පන්නල මහතා සමඟ කළ සාකච්ඡාව ඇසුරිනි.
ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන් අපහසුතා මධ්‍යයේ ශ්‍රමයෙන් සිය නිෂ්පාදන කරගෙනයයි. ඔවුන් යොදන ශ්‍රමය වෙනුවට යන්ත්ර සූත්‍ර මඟින් ඒ නිෂ්පාදන ඉතාම කාර්යක්ෂමව කිරීමේ හැකියාව තිබේ.
ඔවුන් අලුතින්ම නිපදවන ලද කොහුබත් වියළනය මඟින් පැයට කොහුබත් කිලෝ 500ක් එකවර වියළනය කළ හැකිය. සාමාන්‍යයෙන් කොහුබත් වියළීම සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වුවත් මේ යන්ත්‍රය නිසා එම සෑම අභියෝගයක්ම ඉවත්වෙලා වියළීමේ කාර්යය කාර්යක්ෂමව සිදු කරයි. කාලගුණය කිසිසේත්ම මෙයට බලපාන්නේ නැත. දැනට ප්‍රධානපෙළේ කොහුබත් නිෂ්පාදන ආයතන 15ක් විසින් යන්ත්‍රය මිලදීගනු ලැබ තිබෙන බව චන්දිම කෙහෙල්පන්නල අප සමඟ පැවසීය. යන්ත්‍රය නිපදවීම සඳහ වසර දෙකක් පමණ පර්යේෂණ කිරීමට සිදු වී තිබේ. චන්දිම මහතා පවසන පරිදි මේනම ඉන්ජිනියරින් ආයතනය Òපර්යේෂණ සහ සංවර්ධනය යන අරමුණ මතින් ඉදිරියට කරගෙන යන ව්‍යාපාරයකිÓ.
ඇඟලුම් කර්මාන්තය, ආහාර නිෂ්පාදනය, තේ කර්මාන්තය, පොල් ආශ්‍රිත නිෂ්පාදනය, බටහිර ඖෂධ නිෂ්පාදනය, ආයුර්වේද බොහෙත් නිෂ්පාදනය, රබර් කර්මාන්තය, තීන්ත සහ ආලේපන නිෂ්පාදනය, රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, කුළුබඩු නිෂ්පාදනය, කෘෂිකාර්මික ආශ්‍රිත කර්මාන්තය, සත්ත්ව නිෂ්පාදන සහ පතල් කර්මාන්තය යන අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයන් ගණනාවක් සඳහා අවශ්‍ය වන යන්ත්‍ර සූත්‍ර ඔවුන් නිෂ්පාදනය කරනු ලබයි.
ගම්මිරිස් ඇට ගලවන යන්ත්‍රය, පොල් කිරි මිරිකන යන්ත්‍රය, රිබන් පවුඩර් මිශ්‍රණය, ආහාර විජලන යන්ත්‍රය, කේක් අයිසින් යන්ත්‍රය, වේගවත් අල, ලූණු පොතු හරින යන්ත්‍රය වගේ ව්‍යවසායකයන්ට අවශ්‍ය යන්ත්ර බොහොමයක් ඔවුන් නිෂ්පාදනය කර තිබේ.
මෙම ආයතනය මේ යන්ත්ර නිර්මාණය කරන්නේ අදාළ කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයාගේ විවිධ වූ ඉල්ලීම්වලට සරිලන ආකාරයටයි. ඒ වගේම යන්ත්ර නිපදවන්නේ දිගුකාලීනව පර්යේෂණ කරමින් සහ අදාළ ව්‍යවසායකයාට ගෙවිය හැකි මිලට අනුවය.
2018 වසරේදී චන්දිම මහතා මේ නිපැයුම් ආයතනය තවත් සගයකු සමඟ ආරම්භ කර ඇත. ඊට පෙර ඔහු මෙවැනි නිපැයුම් කරන ආයතනවල වසර 15කට වැඩි කාලයක් රැකියාව කර තිබේ. ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ කොළඹ ඉංජිනේරු අංශයේ මෙටාට්රොනික් ෆවුන්ඩේෂන් පාඨමාලාව හදාරා ඇති අතර එම පාඨමාලාව මේ කර්මාන්තය සඳහා සෘජු අඩිතාලමක් ලබා දී තිබේ. 2021 වසරේදී පෞද්ගලික සමාගමක් ලෙස ආයතනය ලියාපදිංචි කළ බවත් ඔහු අප සමඟ පැවසීය.
දැනට ප්‍රධාන ඉංජිනේරුවන් හතර දෙනෙකු ඇතුළුව සේවකයෝ 30 දෙනෙක් එහි සේවය කරති. මේ වනවිට අඩු පහසුකම් තිබුණත් ව්‍යාපාරය පුළුල්ව කරගෙන යනු ලැබේ. අලෙවිය සහ ප්‍රවර්ධනය සඳහා වෙනම අංශයක් තිබේ. එම අංශය විසින් රටේ විවිධ ව්‍යවසායකයන් සොයාගෙන ඔවුන්ට අවශ්‍ය යන්‍ත්‍ර සූත්‍ර නිපදවීමට අවකාශය උදාකර දේ.
තමන් සාර්ථකත්වය කරා ආ මේ අපහසු ගමනේදී රජයෙන් කිසිදු උදව්වක් උපකාරයක් නොලැබුණු බවත් සිය නිපැයුම් අගය කිරීමක් නොකළ බවත් ඔහු පවසයි. මේ නිසා සම්මාන ද ලැබී නැත. ‘මම හිතනවා ඔවුන් අපිව හඳුනන්නේ නැහැ. මුලින්ම නම් අපි පසුගිය රජයන්ගෙන් ඉඩමක් ඉල්ලා සිටියා. ඒත් ලබාදෙන්න විදියක් නැහැ කිව්වා. ඒ කාලයේදී අමාරුවෙන් ණයක් ලබාගත්තා. ඒකටත් විවිධ බාධක ආවා. ඒ ණයෙන් අපේම ඉඩමක කර්මාන්ත ශාලාව පවත්වාගෙන යනවා.’ යැයි චන්දිම මහතා පැහැදිලි කළේය.
රටේ කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා මෙම වැනි ආයතනවලින් කළ හැකි කාර්යභාරය අතිමහත්ය. ඓහෙත් ඒ සඳහා රජයේ සහාය අත්‍යවශ්‍යවේ. මෙවැනි කර්මාන්ත කරගෙන යාම සඳහා ද ඉහළ මට්ටමේ තාක්ෂණික උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වේ. එහෙත් එවැනි උපකරණ මිලෙන් ඉහළය. උදාහරණයක් ලෙස යකඩ නැමීම සඳහා වන යන්ත්‍ර තිබේ. එවැනි යන්ත්‍ර මිලට ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැති නිසා අතින් නවා සෑදීමට ඔවුන්ට සිදුව තිබේ. ලේසර් කටින් සඳහා වෙනත් ආයතනයකින් සේවාව ලබා ගැනීමට සිදුවී තිබෙන අතර ඒ සඳහා පෝලිම්වල සිට එම සේවය ලබාගැනීමට ද ඔවුන්ට සිදුවී තිබේ. මෙවැනි යන්ත්‍රයක් කෝටි එකහමාරක් වැනි ඉහළ වටිනාකමක් වේ. මීට අමතරව CNC වැනි අධි තාක්ෂණික යන්ත්ර මගින් පරිගණකයෙන් අවශ්‍ය දේ ලියවලා ගත හැකිය. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වේ. රජයේ සහාය ව්‍යවසායකයන්ට අවශ්‍ය වන්නේ මෙවැනි හේතු නිසාය.
මේ වනවිට කොහුබත්වල ජලය ඉවත් කිරීමට අවශ්‍ය යන්ත්‍රයක් නිපදවීමට මෙම ඉන්ජිනියරින් සමාගම පර්යේෂණ කරගෙන යන බවත් එය අවසන් මට්ටමේ තිබෙන බවත් අපට දැනගන්නට ලැබුණි. රජයේ සහාය නැතත් ඇතත් හැකි තරම් රටේ ව්‍යවසායකයාට අවශ්‍ය උපකරණ නිපදවා දීම සිය අරමුණ යැයිද චන්දිම මහතා අප සමඟ පැවසීය.
ඉරෝෂා දීපානි
LAKE HOUSE