දයා ගමගේට අයත් සමාගම් තුනක දේපළ වෙන්දේසි කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක දේපළ මීට පෙර අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම වෙන්දේසිය ජුලි මස 02දා පැවැත්වීමට නියමිතව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

දයාගමගේ මහතා විසින් පැමිණිලිකාර සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 104කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං සමාගම විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

මීට වසර කීපයකට පෙර එම නඩුවට අදාළව කොළඹ වාණිජ මහාධිකරණය විසින් දෙනු ලැබූ නියෝගයකට අනුවයි මෙම වෙන්දේසිය සිදුවන්නේ.

ඒ අනුව දයා ගෘප් ලිමිටඩ්, දයා ඇපරල් එකංස්පෝට් ප්‍රයිවට් ලිමිටඩ් සහ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වල දේපළ වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.