දරුවන් අතර මී උණ රෝගයේ වැඩිවීමක්

අගෝස්තු මාසයේදී පාසල් දරුවන් අතර මී උණ ව්‍යාප්තිය සැලකිය යුතු ඉහළ යා හැකි බව, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

දින 5 ක් හෝ 6 ක් උණ පවතී නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙන්ම සරුංගල් සමයත් සමග දරුවන් බොහෝ විට වෙල් ආශ්‍රිතව ගැවසීම දැකගත හැකියි.

මේ නිසා මී උණ රෝගය වැළඳීමට වැඩි ඉඩක් පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

දින 5 ක් හෝ 6 ක් පවතින අධික උණ, ඇස් රතු පැහැ සහ කහ පැහැ වීම, තද පැහැයට මුත්‍රා පිටවීම, බඩ රිදීම යන රෝග ලක්‍ෂණ පවතී නම් එය මී උණ වියහැකි බවයි ‍විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ.