
නාර්තුපාන සහා නෑබඩ ප්‍රදේශ තුල පිහිටි වෙළඳසැල් හතරකින් මුදල් පසුම්බි සහ ජංගම දුරකථන ඇතුළු බඩු සොරකම් කරන ලද පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය 12500 ක් සමග අඩංගුවට ගත් බව තෙබුවන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුප්සෙට් පාර, රත්නපුර ලිපිනයේ පදිංචි (44) හැවිරිදි සම්පත් රණවීර නැමති පුද්ගලයෙකි.
පසුගිය (27) මතුගම, රංනගල නානතොට උපදේශයේ දී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු ඇද සිටි කලිසමේ සූක්ෂමව සඟවා තිබියදී අයිස් මිලි ග්‍රෑම් 12500 ප්‍රමාණයක්, බැංකු කාඩ් පත් 4ක් මුදල් පසුම්බියක් රුපියල් 3880 මුදලක් සමග අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීමේදී අපරාධ රැසක් හෙළිවූ බව පොලිසිය පවසයි.
(26) දින නාර්තුපාන ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැල් දෙකකින් එක් මුදල් පසුම්බියක් ද රුපියල් 50000.00 වටිනා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්ද සොරකම් කරගෙන ඇති අතර නෑබඩ ප්‍රදේශ තුළ පිහිටි වෙළඳසල් දෙකකින් රුපියල් 32000.00ක මුදල් පසුම්බියක් සහ කුඩා ජංගම දුරකථන 01ක් සොරාගෙන ඇති අතර එම මුදල් පසුම්බි තුළ තිබූ බැංකු කාඩ් පත් මගින් මතුගම නගරයේ සුපිරි වෙළඳ සැල දෙකකින් සහා මෝටර් රථ අමතර කොටස් වෙළඳ සැලකින් එදිනම රුපියල් 44369.00කාඩ්පත් මගින් භාණ්ඩ ලබාගෙන ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. රුපියල් 3880 මුදලක්, රන් පැහැති අත් ඔරලෝසුවක්, රන් පැහැති අත් පළඳනාවක්, ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත,
සැකකරු (28) මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (07) දින දක්වා රැදවුම් නියෝගය මත ප්‍රශ්නය කරන බව පොලිසිය පවසයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තෙබුවන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ එස් දර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් පො.ප මෙරීනෝ,පොසැ 38524 හේරත්,පො.සැ.103924 ජයවර්ධන ඇතුළු නිලධාරින් මෙහෙයවයි.