සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 21 ක් සපිරෙනවා. සුනාමි ව්‍යසනය හා පසුගිය දිනවල සිදුවු දිට්වා සුළිකුණාටුව ඇතුළු අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහි කිරීම සඳහා අද “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2004 වසරේ අද වැනි දිනක උදේ 6.55 ට ඉන්දියන් සාගර පත්ලේ හටගත් භූකම්පනය රික්ටර් පරිමාණ ඒකක 9.1 ලෙස සටහන් වුණා. ඉන් නැගුණු උදම් රළ උදේ 9.25ට පමණ ගොඩබිමට පැමිණියේ පැයට කිලෝ මීටර 800 ක අධික වේගයෙන්. ආසියානු කලාපයේ රටවල් 14 කට ඉන් දැඩි බලපැම් එල්ල වුණා. මෙරටත් දිස්ත්‍රික්ක 14කට සුනාමිය බලපෑම් ඇති කළේ ජාති – ආගම්, දුප්පත් – පොහොසත් භේදයකින් තොරවයි. අප රටේ පමණක් 35,000 කට අධික පිරිසක් මිය ගියා.
5,000 ක් පමණ අතුරුදන් වුණා. රටට අහිමි වූ දේපල ප්‍රමාණය ද අති මහත්. සුනාමි ව්‍යවසනයෙන් පැරෑලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුර ලොව බිහිසුණුම දුම්රිය අනතුර ලෙසයි සැලකෙන්නේ.
ඉන් මිය ගිය පිරිස 1,270 ක්. පැරැලියේ වැසියන් 249 දෙනෙකුද ඊට ඇතුළත්. එම මළ සිරුරු මිහිදන් කළ ස්ථානයේ පැරෑලිය සුනාමි ස්මාරකය ඉදිකර තිබෙනවා.
අනතුරින් මිය ගිය මගීන් සහ සේවකයින් සිහිපත් කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද උදෑසන 6.50 ට මාතර බලා ගමන් ගන්නා විශේෂ දුම්රිය පැරෑලිය දුම්රිය ස්ථානයේ දී අදත් විනාඩි 10 ක් නවතා, සුනාමි ව්‍යසනයෙන් මිය ගිය සහ අතුරුදන් වූ පිරිස සිහි කෙරෙනවා.
මෙවර “ජාතික සුරක්ෂිත දින” ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදි පැවැත්වෙවෙනවා.
ජනතාවගේ සුරක්ෂිතභාවය, සුළු ආපදා අවස්ථාවේ සිට විශාල ආපදා තත්වයක් දක්වා ස්වයං සහ සාමූහික සුරක්ෂිතභාවය සඳහා දැනුවත් වීම පිළිබඳව මූලික කරගනිමින් ජාතික සුරක්ෂිත දිනය වෙන් කෙරෙනවා.
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් රට තුළ පවතින පසු ආපදා තත්වයන් සැළකිල්ලට ගෙන දිස්ත්‍රික්ක මට්ටමින් ජාතික සුරක්ෂිත දින වැඩසටහන් සංවිධාන කෙරෙනවා.
හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදි මිය ගිය අයගේ ඥාතීන් සහ ප්‍රදේශවාසින් ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා, විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වනවා. මෙහිදී සර්ව ආගමික වතාවත් සිදුකර, සුනාමියෙන් මිය ගිය සියලු දෙනාට එහිදී පිං අනුමෝදන් කෙරෙනවා.
