හලාවත, දැදුරුඔය නානමංකඩේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (01) සවස දියේ ගිලී අතුරුදහන් වී තිබෙනවා.
අතුරුදහන් වූ පුද්ගලයින් අවුරුදු 20 සහ 22 යන වයස්වල පසු වූ කටුගස්තොට සහ ගලගෙදර ප්රදේශවල පදිංචිකරුවන්.
අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ මහනුවර ප්රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා හලාවත ප්රදේශයට පැමිණ ඇති අතර දැදුරුඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනා සොයා නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
