දිට්වා ආපදාවෙන් හානි වූ ජනතාවට වන්දි ප්‍රදානය කෙරේ

කෑගල්ල – අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා ආපදාවෙන් හානි වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ ආරම්භක වැඩසටහන ඊයේ ( 05) කෑගල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබෙනවා.

මෙම වැඩසටහන මඟින් පළමු අදියර යටතේ රුපියල් මිලියන 2ක මුදලක් ද , ඉතිරිය රුපියල් මිලියන 1.5 බැගින් වාරික 2 ක් ලෙස මුළු වන්දි මුදල රුපියල් මිලියන 5 කොටස් වශයෙන් ලබා දිමට නියමිතයි.