දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ මහපොළ ශිෂ්‍යත්වයක්

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ ආපදාවට ලක් වූ විශ්ව විද්‍යාල සිසුන්ට ආර්ථික සහන සැලසීම සඳහා ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ (MTF) භාරකාර මණ්ඩලය විසින් ඒක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එම අයදුම්පත් www.mahapola.lk යන මහපොළ වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.