දිය නෑමට ගිය 16 හැවිරිදි දරුවා කෙසෙල්ගමුව ඔයට බිලි

දියේ ගිලී දරුවෙකු අතුරුදහන් වීම – නෝර්වුඩ් පොලිස් වසම.

ඊයේ (04) දින සවස නෝර්වුඩ් වතුයායේ කෙසෙල්ගමුව ඔයේ දිය නාමින් සිටි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

නෝර්වුඩ් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 16 ක් වූ නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මරණකරු ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ කෙසෙල්ගමුව ඔයේ දිය නාමින් සිටියදී ඡායාරූප ගැනීමට ගිය අතරතුර මෙලෙස දියේ ගිලී අතුරුදහන් වී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අතුරුදහන් වූ දරුවා සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. නෝර්වුඩ් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.