දිවුලපිටියේ මනුෂ්‍ය ඝාතන සිද්ධියේ සැකකරුවන් 2කට මාංචු

පසුගිය (17) වන දින දිවුලපිටිය, ඉහල මඩම්පැල්ල ප්‍රදේශයේ අවන්හලකදී පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (18) දින පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 39 හා 45 යන වයස්වල පසුවන දුනගහ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.