දිස්ත්‍රික්ක 2කට රතු එළි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 8 කට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

උඩුදුම්බර ප්‍රදේශයේ අවදානම් තත්වයක් පවතින බැවින් ඒ පිළිබඳව සැළකිළිමත් වන ලෙසද එම සංවිධානය ජනතාවට දැනුම් දෙනවා.

බදුල්ල, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක සඳහාද අදියර 1 සහ 3 යටතේ නායයෑම් අනතුරු නිවේදන අද සිට යළි නිකුත් කළ බවයි එම සංවිධාන දැනුම් දෙන්නේ.