දීපාවලී සමරන ලෝකවාසී හා ශ්‍රී ලංකාවාසී සියලුම හින්දු භක්තිකයින් වෙත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සුභාෂිංශනය එක් කර තිබෙනවා.
මෙවර දීපාවලී දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟපෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි, අග්‍රාමාත්‍යවරිය ප්‍රාර්ථනා කරනවා.
අග්‍රාමාත්‍යවරියගේ දීපාවලී දින සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සංස්කෘතික බහුවිධතාවයේ වටිනාකම් පිළිබඳ අවධානය යොමු කොට ගෞරවය, පිලිගැනීම සහ සහෝදරත්වයෙන් යුතුව සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බවයි.
මේ දීපාවලී දිනයේදී අප කළ යුත්තේ නපුර පරාජය කොට, යහපත උදාව ආලෝකවත් කිරීම බව, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දීපාවලී දිනය වෙනුවෙන් විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ මේ බව සඳහන්.
දීපාවලිය තුළ අපට කියා දෙන පාඩම දිනූ යහපත සමාජයට ගෙන යාමයි.
යහපත් සමාජයක පැවැත්ම සඳහා ආලෝකයක් වන වැඩපිළිවෙළක් සඳහා සියලුදෙනා කැපවිය යුතු බව ද විපක්ෂ නායකවරයා පවසනවා.
