බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිද 4 කනුව ප්‍රදේශයේදී ඊයේ (21) සවස් කාලයේ සිදුවූ අනතුරෙන් තුවාල ලැබූවන් 31 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, අසාධ්‍ය තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මේ අතර සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාද අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණ තිබුණා.
එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තුවාල ලැබූවන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදු කිරීමට රජය කටයුතු කරන බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ බසය පදවා ඇත්තේ තාවකාලික රියදුරෙක් බවත් නිත්‍ය රියදුරා ඒ අසල වාඩිවී ගොස් ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අපරීක්ෂා කාරි රිය පැදවීම මෙම අනතුරට හේතුව බවද පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගත් රියදුරා අද බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමට නියමිතයි.
