
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක, ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පානදුර රෝහලට ඇතුළත් කෙරුණා. පසුව එහිදී ඔහු මිය ගොස් තිබෙනවා. ඔහු මිය යන විට පනස් හතරවන වියේ පසු වුණා.
සුරංග වෙල්ලාලගේ මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙක්.
දුනිත් වෙල්ලාලගේ ඊයේ තරගයෙන් පසුව යළි මෙරටට පැමිණි අතර ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියයේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තරග ඔහුට අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.