දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රියක ගැටී ඊයේ (14) දින පුද්ගයෙකු මියගොස් තිබෙනවා.

කළුතර උතුර පොලිස් වසමේ කොළඹ බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ සැතපුම් 23 අණුව අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.