රුසියාවේ දුම්රිය මාර්ගයකට ඉහළින් ඉදිකර තිබූ අධිවේගී මාර්ගයක් කඩාවැටීමෙන්, පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී තිබෙනවා.
යුක්‍රේන දේශ සීමාවට ආසන්නයේ පිහිටි දුම්රිය මාර්ගයකයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
අනතුරෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
රුසියානු ආරක්‍ෂක අංශ පවසන්නේ, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.
තුවාල ලැබූ පිරිසෙන් ඇතැම් අයගේ තත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
