පාසල්වල සංවිධානය කරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා, මීට ඉහතදී ලබා දී ඇති උපදෙස් නොසළකා, අධික ලෙස මුදල් වැය කරමින් කටයුතු කරන සිද්ධීන් වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම කටයුතු සංවිධානයේදී දෙමාපියන් වෙත අමතර වැය බරක් නොයෙදෙන සේ ඉතාමත් වාම් අයුරින් හා අවම වියදමකින් එම වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
තවද පාසල් මූල්‍ය කළමනාකරණය පිළිබඳව නිකුත් කර ඇති 54/2023 චක්‍රලේඛය හා අනෙකුත් මූල්‍ය චක්‍රලේඛ වලට අනුගතව කටයුතු කළ යුතු බව අවධාරණය කළා.