දෙවන ලෝක යුද්ධයෙන් පසු ටෝපිඩෝ ප්‍රහාරයකින් යුද නෞකාවක් මුහුදු බත් කළ පළමු අවස්ථාව

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හිග්සෙන් ප්‍රකාශ කළේ ඉන්දියානු සාගරයේදි ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කළ බවයි. සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් එම නෞකාව විනාශ කෙරුණු බව  ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ටෝපිඩෝ ප්‍රහාරයකින් යුද නෞකාවක් මුහුදු බත් කළ පළමු අවස්ථාව මෙය බවයි ඔහු සඳහන් කළේ.