දෙවැනි 20 – 20 තරඟය අද (06)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවැනි 20-20 ක්‍රිකට් තරගය අද හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ පුහුණුවීම්වල නිරත වුණා.

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය, කඩුලු 4 ක ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරග 1 – 0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වනවා. අද තරගය ජය ගැනීමට හැකි වුවහොත්, තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියි.

සිම්බාවේහිදී, ශ්‍රී ලංකා – සිම්බාබ්වේ කණ්ඩායම් අතර 20-20 තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමිතයි.