නදීෂා, යෝධසිංහ ඉන්දියාවේදී වැඩ පෙන්වයි

ලෝක මලල ක්‍රීඩා මහද්වීපික සංචාරයට අයත් ‍ලෝකඩ කාණ්ඩයේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් අද හිමි වුණා.

ඒ, මීටර 100 පිරිමි ධාවන ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්. තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙනවා.

මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට, ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර චමෝද් යෝධසිංහ සහභාගී වුණා.

ඔහු තප්පර 10 යි දශම 4 යි 3 ක කාලයකින් තරගය නිම කරමින්, එම ඉසව්වේ දෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

එහි පළමු ස්ථානය දිනා ගත්තේ, තප්පර 10 යි දශම 3 යි 5 ක කාලයකින් තරගය නිම කළ මැලේසියානු ක්‍රීඩක මුහම්මද් අසීම්.

තෙවැනි ස්ථානය, තප්පර 10 යි දශම 5 යි බින්දුවකින් තරගය නිම කළ මැලේසියානු ක්‍රීඩක දනිෂ් ඉෆ්තිකාර් හිමි කර ගත්තා.

‍එම තරගාවලියේ ‍කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නදීශා ලේකම්ගේ දෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

එහිදී ඇය දැක් වූ දක්ෂතාව මීටර 54 යි දශම 9 යි 6 ක්.

එම ඉසව්වේ පළමු ස්ථානය ඉන්දීය ක්‍රීඩිකා රානි අන්නූ හිමි කර ගත් අතර, තෙවැනි ස්ථානය දිනා ගත්තේ, ඉන්දියාවේ දීපිකා ක්‍රීඩිකාවයි.