
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී මාර්ග ආසන්නයේ නවතා ඇති රථ වාහන වල කොටස් සූක්ෂම ලෙස ගලවා අලෙවි කරන මහා පරිමාණයේ ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනෙකු පොලිස්
අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් රථ වාහන වල රෝද,දුණුකොල,බටරි ඇතුළු වටිනා කොටස් සූක්ෂම ලෙස ගලවා කුඩා කැබ් රථයක පටවා ප්‍රවාහනය කර ඇත.
එලෙස රථ වාහන වලින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුතු රථ වාහන කොටස් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුරය සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් දෙදෙනා නෑදෑයන් වන අතර (මස්සිනා) බව පොලිසිය පැවසීය.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
