නවසීලන්තයේ සංචාරක කලාපයක් වන “මවුන්ට් මාන්ගනුයි” හි කඳවුරු භූමියක සිදුවු නායයැමකින් බොහෝ පිරිසක් අතුරුදන්ව තිබෙනවා.
අතුරුදන්වූවන් සෙවීමේ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
අතුරුදන්වූ පිරිස අතර, කුඩා දරුවෙකුද සිටින බවයි ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ.
උතුරු දිග දූපත් හා ප්ලෙන්ටි බොක්ක හරහා පසුගිය දින කිහිපය තුළ අධික සුළං තත්වයක් හටගැණුනු අතර, එම ප්‍රදේශයන්හි දැඩි වර්ෂාපතනයක්ද වාර්තා වී තිබෙනවා.
උතුරු දිග ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා පහත්බිම් ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසයි බලධාරින් නියෝග කර ඇත්තේ.
ඕක්ලන්ඩ් නගරය අවට ප්‍රදේශයට ගංවතුරින් දැඩි බලපැම් සිදුව ඇති අතර, ඉදිරි දින කිහිපයේදි ගංගා ආශ්‍රිතව ඉහළ ජල මට්ටමක් වාර්තා වී ඇති බවයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවන්නේ.
ඕක්ලන්ඩ් නගරය අවට මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. අත්‍යවශ්‍ය නොවන සියලූම ගමන් බිමල්වලින් වැළකී සිටින ලෙසයි ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ.
