අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට, නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඔවුන් ජාත්‍යන්තර රග්බි තරග සඳහා ක්‍රීඩා කර තිබෙන්නේ 1982 වසරේ සිටයි.
ලොව විශිෂ්ටතම රග්බි කණ්ඩායමක් ලෙස සැලකෙන නවසීලන්ත රග්බි කණ්ඩායම, 500 වන ජයග්‍රහණය හිමිකර ගත්තේ ප්‍රංශ කණ්ඩායම පරාජය කරමින්.
එම තරගයේ පළමු අර්ධය නිමා වනවිට ලකුණු 21 ට 13 ක් ලෙස ඉදිරියෙන් සිටීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
පසුව ඔවුන් තරගය ජයගත්තේ ලකුණු 31 ට 27 ක් ලෙසයි.
මේ දක්වා නවසීලන්ත කණ්ඩායම ලෝක රග්බි කිරුළ තෙවරක් හිමිකරගෙන තිබෙනවා. ඒ , 1987, 2011 සහ 2015 යන වසරවලදී.
