නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවතුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාදීකරණය නියෝජනය කරන විනිසුරුවරු, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරු වරුන්ද මෙම උත්සවයට සහභාගි වූනා.
මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගන්නා බව සඳහන් කළා.
නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළිත් ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල් කරණය කිරීමය වේගවත් කරන බවත් ඔහු කියා සිටියා.
නීතිපති පාරින්ද රණසිංහ සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය යන මහත්වරු ද අග විනිසුරුවරයාගේ වෘත්තිය කටයුතු අගයමින් කතා පවත්වනු ලැබුවා.
