වතු නිවාස පෙළක් නායයෑමේ අවධානමක් හේතුවෙන් පවුල් 28 කට අයත් සාමාජිකයන් 120 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ, නානුඔය පොලිස් වසමට අයත් සමර්සෙට් වතුයායේ ලැන්ඩල් කොටසේ නායයෑමේ අවධානමට ලක්වූ වතු නිවාස පේළියක පදිංචිව සිටි පවුල් 28 කට අයත් සාමාජිකයන් 120ක්. පිරිස ආරක්ෂිත ස්ථාන කරා ඊයේ රාත්‍රියේ (30) යොමු කල බව නුවරඑලිය ආපදා කළමණාකරන ඒකකය පවසනවා. අවතැන්වූ සාමාජිකයන් සමර්සෙට් වතුයායේ කලාපුරම් දමිළ මහ විද්‍යාලයේ තාවකාලිකව පදිංචිකර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාරපාන වතු අධිකාරිය විසින් ලබා දිමට පියවර ගෙන තිබෙනවා.
නානුඔය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ශාවත් සමග මෙම නායයෑම සත්‍රීය වී ඇති බවයි ආපදා කළමණාකරන ඒකකය කියා සිටියේ.
