නැගෙනහිර වෙරළට ගොඩගැසූ දහස් ගණන් රතු කකුළුවෝ

‍මඩකලපුව ආරයම්පති සහ කාත්තන්කුඩි වෙරළ තීරය වෙත රතු කකුළුවන් විශාල සංඛ්‍යාවක් ගොඩ ගසා තිබෙනවා.

පසුගිය දින කිහිපයේම එලෙස රතු කකුළුවන් වෙරළට ගසා ගෙන එන බවත්, එයින් රතු කකුළුවන් විශාල සංඛ්‍යාවක් මිය‍ ගොස් ඇති බවත්, ධීවරයින් පවසනවා.

මෙලෙස රතු කකුළුවන්  වෙරළට ගසා ගෙන ඒමට හේතුවක් නොදන්නා බවයි, ධිවරයින් සහ ප්‍රදේශවාසින්  පවසන්නේ.