ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (08) යෙදී තිබෙනවා.
ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මඟහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම
බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන්
මෙම පොහොය වැදගත්.
එමෙන්ම පන්සල සහ ගිහියන් අතර සබඳතාව වඩාත් තහවුරු කිරීමට ද මෙම පොහොය වැදගත් වනවා.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැතිකරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණා.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පළමුව උරුවෙල් දනව්වේ සේනානිගමට වැඩම කරවීමද අද වැනි නිකිණි පුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.
දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.
