නියෝජ්‍ය ප්‍රධානී ගීතා IMF හැර යයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ පළමු නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂි­කාව ලෙස කට­යුතු කළ ආචාර්ය ගීතා ගෝපි­නාත් සිය ධුර­යෙන් ඉව­ත්වී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂිකා ක්‍රිස්ට­ලිනා ජෝර්ජිවා ප්‍රකාශ කර ඇත්තේ ඇය හාවඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික දෙපා­ර්ත­මේ­න්තුවේ මහා­චා­ර්ය­ව­රිය ලෙස වැඩ භාර ගැනී­මට නියමිත බවය. වසර 2019 ජන­වා­රි­යේදී ප්‍රධාන ආර්ථික විද්‍යා­ඥ­ව­රිය ලෙස ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­ද­ලට එක්වී­මට පෙර ඇය හාවර්ඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ සේවය කළ බව ද වාර්තා වේ.

2022 වසරේ ජන­වා­රි­යේදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ පළමු නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂි­කාව ලෙස උස­ස්වී­මක් ලැබූ ඇය අමෙ­රි­කාවේ පුර­වැ­සි­භා­වය හිමි ඉන්දීය ජාති­ක­යකු වේ. මේ වන විට 53 හැවි­රිදි ගීතා ගෝපි­නාත් ලබන අගෝස්තු මස අව­සා­න­යේදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් නිල වශ­යෙන් ඉව­ත්වී­මට නිය­මිත බව වාර්තා වේ. ඇය වෙනු­වට ඉදි­රි­යේදී ක්‍රිස්ට­ලිනා ජෝර්ජිවා විසින් නව නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යකු පත් කිරි­මට නිය­මිත ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල නිකුත් කළ නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ.