රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ 2019 පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ රාජකාරි පැහැරහැරීමට අදාළවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු ගන්වා සිටියා.
පාස්කු ප්‍රහාරයට අදාළව 2023 නොවැම්බර් 17 වන දා ඔහුට ජාතික පොලිස් කොමිෂන් සභාව චෝදනා පත්‍රයක් බාරදෙනු ලැබුවා.
එම චෝදනා පත්‍රයට අදාළව නිලන්ත ජයවර්ධන මහතා යොමු කළ ලිපියෙහි කරුණු සලකා බලා 2024 මාර්තු 21 වැනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විධිමත් විනය පරික්ෂණයක් සිදු කිරීමටයි තීරණය කළේ.
ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් සිදු කළ එම විනය පරීක්ෂයේ වාර්තාව පසුගිය හතර වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කර තිබුණා.
